ඩොලරයට සාපේක්ෂව අවම මට්ටමකට වැටුණ Yen


වසර විස්සකට පසුව ඩොලරයට සාපේක්ෂව යෙන් අගය ඉතා පහළ මට්ටමකට වැටෙයි

.

ජපානය සහ එක්සත් ජනපදය අතර වර්තමානයේදී උද්ගතව ඇති පොලී අනුපාත පරතරය තවදුරටත් පුලුල් කරමින් ජුනි 13 වන සඳුදා දින උදෑසන වනවිට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යෙන් හි අගය 135 ක් ලෙස අවම මට්ටමකට පහත වැටී තිබේ .

 

සිකුරාදා නිකුත් කරන ලද මැයි මාසය සඳහා වන එක්සත් ජනපදයේ පාරිභෝගික මිල දත්ත වාර්තාවට අනුව 2002 පෙබරවාරි මාසයෙන් පසුව යෙන් අගය එහි පහලම මට්ටමට පහත වැටී ඇති අතර ෆෙඩරල් සංචිතය ආක්‍රමණශීලී අනුපාත ඉහල දැමීම් සිදු කළ හැකි බවට සැක මතු කරමින් දෙරට අතර මුදල් ප්‍රතිපත්තියේ ඉහළ යාම වර්ධනය වී ඇති බව වාර්තා වේ.

237 Views

Comments