ජපානයේ සියදිවි නසාගැනීම් ඉහළට


අඩු ආදායම්ලාභීන් අතර සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

.

සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය සහ ජාතික පොලිස් නියෝජිතායතනය අද(20) නිවේදනය කළේ 2022 දී රට පුරා සියදිවි නසාගැනීම් සංඛ්‍යාව පෙර වසරට වඩා 2.7% කින් ඉහළ ගොස් ඇති බවයි.

රැකියා විරහිත පුද්ගලයින් සහ විශ්‍රාමිකයින් වැනි අඩු ආදායම්ලාභීන් අතර සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය විශ්වාස කරන්නේ දිගුකාලීන කොරෝනා වසංගතය මෙයට බලපා ඇති බවයි.

ඒ අනුව 2022 වසරේ පිරිමින් 14,543 ක් සහ කාන්තාවන් 7,041 ක් සියදිවි නසාගෙන ඇත.

මෙයට ප්‍රාථමික, කනිෂ්ඨ උසස් සහ උසස් පාසල් සිසුන් 441ක්ද අඩංගු ය.

 

128 Views

Comments