ඔලිම්පික් ලංසුවට එරෙහිව Sapporo හි විරෝධය


ඔලිම්පික් ලන්සුවට එරෙහිව sapporo හිදී විරෝධතා මාලාවක් ක්‍රියාත්මක වේ

.

2030 පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උළෙල සදහා ජපානය ඉදිරිපත් වීමට එරෙහිව විරෝධතාවය පළ කිරීම වෙනුවෙන් මධ්‍යම ටෝකියෝවේ සහ උතුරු Sapporo නගරයේ සෑම පුරවැසියකුම නියෝජනය වන පරිදි පුද්ගලයන් 50 දෙනෙකු පමණ එක්වී "ඔලිම්පික් ක්‍රීඩා එපා" ලෙස සදහන් කර තිබූ බැනර් අතැතිව ජුනි 12 වන ඉරු දින විරෝධතාවක් දක්වා ඇති බව වාර්තා වේ. 

 

“එයට විශාල මුදලක් වැය වනු ඇත. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. මේක ඔලිම්පික් වලට සල්ලි නාස්ති කරන්න වෙලාවක් නෙවෙයි" යනුවෙන් නගරය හරහා ගමන් කිරීමෙන් පසු එයට සහභාගී වූ එක් විරෝධතාකරුවෙකු වන Sapporo හි පදිංචි Yuki Kubo පැවැසීය. 

 

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නිල පිරිවැය ඩොලර් බිලියන 13.6 ක් වූ අතර එය මුල් ඇස්තමේන්තුවට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ . එමෙන්ම රජයේ විගණන ආයතන වලට අනුව මෙම පිරිවැය නිල අංකයට වඩා විශාල ලෙස වැඩිවිය හැකි අතර මෙහි වියදමෙන් ඩොලර් බිලියන 6ක් පමණක් හැර ඉතිරි සියල්ල මහජන මුදල් ලෙස දක්වා තිබේ .

138 Views

Comments