අභිරහස් ලෙස මියගිය මවක් සහ දුවෙක්


අභිරහස් ලෙස මියගිය මවගේ සහ දුවගේ මෘත ශරීර සොයාගනී

.

Kagoshima ප්‍රාන්තයේ Shibushi හිදී 86 හැවිරිදි Yoshiko Haraguchi නම් කාන්තාවකගේ මළ සිරුර ගඟක පාවෙමින් තිබියදී පසුගිය සතියේ ජුනි 7 වන දින  සොයාගත් අතර ඇගේ 60 හැවිරිදි වැඩිමහල් දියණිය ගේ මළසිරුර ද ඒ අසල පිහිටි ගසක එල්ලී මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම සිදුවීම මිනීමැරුමක්-සියදිවි නසාගැනීමක් බවට තමන් විශ්වාස කරන බව සැකකටයුතු මරණය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් නිලධාරීන් ඉරිදා දින ප්‍රකාශ කලහ. 

 

මියගිය කාන්තාවගේ සිරුර ගඟට දැමීමට පෙර ගෙල සිර කර මරා දමා ඇති බව මරණ පරීක්ෂණයකින් හෙළි වී තිබේ. Haraguchi ගේ දියණියගේ සිරුර ඇගේ මවගේ සිරුර ගොඩගත් ස්ථානයේ සිට මීටර් 140 ක් පමණ පහළ පිහිටා තිබූ වනාන්තරයක ගසක එල්ලෙමින් තිබියදී ජුනි 9 වන දින සොයාගන්නා ලදී.

 

ඝාතනයට සහ සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සිදුවීම පිළිබඳව විමර්ශනය කරන පොලීස් නිලධාරීන් නිවේදනය කලහ.

105 Views

Comments