වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් අවසන් වූ ජීවිතය


කාන්තාවක් පශ්චාත් ශල්‍යකර්ම සංකූලතා හේතුවෙන් මිය ගියාය.

.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී එහිමි ප්‍රාන්ත මධ්‍යම රෝහලේදී හකු සැත්කමකට භාජනය වූ නව යොවුන් වියේ කාන්තාවක් පශ්චාත් ශල්‍යකර්ම සංකූලතා හේතුවෙන් මිය ගියාය.

ඇය මෙලෙස මියගොස් ඇත්තේ වෛද්‍යවරුන්ගේ අත්වැරදීමකින් බව සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකළ කමිටුව විසින් 17 වන දින නිවේදනය කළේය.  

මියගිය කාන්තාව යටි හකු අස්ථියේ කොටසක් ඉවත් කර දින දෙකකට පසු මධ්‍යම රාත්‍රියේදී වේදනාව සහ ඔක්කාරය ගැන රෝහලේ හෙදියකට පවසා ඇත.

පසුව හෙදිය විසින් දුරකථනයෙන් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන අවශ්‍ය කටයුතු සිදුකළත් ඇයගේ තත්ත්වය හදිසියේම වෙනස් විය.  

ඇයගේ ශ්වසන මාර්ගය ඉදිමී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ අතර ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කළ නමුත් සැත්කමෙන් දින 20 කට පසු හයිපොක්සික් එන්සෙෆලෝපති රෝගයෙන් මිය ගියාය.

119 Views

Comments