දින පහකට පෙර Kyoto ප්‍රාන්තයේ Fushimi Ward හි Uji ගඟේ කිලෝමීටර් 11ක් පමණ දුර උඩුගං බලා සෙල්ලම් කරමින්, පිහිනමින් සිටියදී දියේ ගසාගෙන යාමෙන් අතුරුදහන් වූ 11 හැවිරිදි පිරිමි ළමයාගේ මළ සිරුර ජුනි 10 වන දින Osaka ප්‍රාන්තයේ ගංගාවක තිබී සොයා ගත් බව වාර්තා වේ.
ජූනි 5 වැනි දින හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පිරිමි දරුවන් හය දෙනෙකු එක්ව මෙලෙස ගඟේ සෙල්ලම් කරමින් සිටියදී ඔවුන් අතර සිටි දරුවන් දෙදෙනකු දියේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු එහිදී බේරා ගැනීමට සමත් වූ නමුත් අනෙක් දරුවා සොයා ගැනීමට නොහැකි වී තිබේ.
අතුරුදන් වූ කොට කලිසමක් ඇඳ සිටි දරුවාගේ මළ සිරුර Takatsuki ප්‍රාන්තයේ Yodo ගඟේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි ධීවරයෙකු විසින් ඉවුරක් අසල ජලයේ තිබී සවස 4.10 ට පමණ සොයාගෙන ඇති අතර සිරුරේ බාහිර තුවාල කිසිවක් නොතිබු බව සඳහන් වේ.
උසින් 160 Cm පමණ වන සිරුරේ භෞතික රාමුව සහ ඇඳ සිටි දේ අනුව දින පහකට පෙර අතුරුදන් වූ දරුවා ඔහු විය හැකි බවට විශ්වාස කරන බැවින් Osaka ප්‍රාන්තයේ Hirakata හි පොලිස් නිලධාරීන් විසින් දරුවා හඳුනා ගැනීම සදහා වන නිරීක්ෂණය කටයුතු ආරම්භ කර ඇත.