ජපාන විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන සියල්ලකින්ම සැදුම්ලත් විශේෂ සම්මේලනයක් විසින් රුසියාවට එරෙහිව සකස් කරන ලද විශේෂ ප්‍රකාශයක් පසුගියදා එළි දැක්විණි.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ විද්වතුන් විසින් රුසියාවට විරුද්ධව මෙවන් ප්‍රකාශයක් එළිදැක්වුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ජපානයේ සුප්‍රසිද්ධ මහාචාර්යවරුන්, පර්යේෂකයන් හා ලෝකප්‍රකට විද්‍යාඥයන් රාශියක් මෙම නිවේදනයට අත්සන් තබා ඇති බව වාර්තා වේ. යුක්රේන වෙත එල්ල කෙරෙන රුසියානු ප්‍රහාර වහා නතර කරන ලෙසත්, එසේ නොකරන තාක් ජපාන විද්වතුන් කිසිවෙක් රුසියාව හා අධ්‍යාපනික, තාක්ෂණික සහ පර්යේෂණාත්මක ව්‍යාපෘති සඳහා දායක නොවන බවත් ඔවුන් එමගින් දැනුම් දී තිබේ.