මීට වසර දෙකකට පෙර ජපානය තුළ Corona ව්‍යාප්තිය ආරම්භ වූ සමයේදී ජනතාව සුළු විරෝධතාවක් හෝ නොමැතිව මුව ආවරණය පැළඳ සිටීමට පුරුදු වූ බැවින් වර්තමානයේදී රජය විසින් එළිමහනේ දුරස්ථව සිටින විට මුව ආවරණය ඉවත් කිරීමට නිර්දේශ කරමින් සිය COVID-19 මාර්ගෝපදේශ ලිහිල් කර තිබුණද ජනතාව තවමත් එයට අනුගතව වී නොමැති බව වාර්තා වේ .
එළිමහනේදී කතාවක් නොමැතිව එකිනෙකාගෙන් මීටර් 2 ක දුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රැදී සිටින විට මෙන්ම නිශ්ශබ්ද, ඉඩකඩ සහිත ගෘහස්ථ පරිසරයන් වලදී මුහුණු ආවරණ ඉවත් කළ හැකි වන පරිදි මැයි 23 දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 උපදේශන මාලාව වෙනස් කළ නමුත් සමහර බටහිර රටවල මෙන් නොව, ජපානය ජනතාව තුළ ඇති මුව ආවරණ පැළඳීමේ ඉවසීම ඉක්මනින් අවසන් නොවනු බැවින් එයට අනුගත වීමට කාලයක් ගත වනු ඇති බව පැවැසේ.
"රජයේ උපදෙස් පිළිපදින්නට වඩා මිනිසුන් මුව ආවරණය පැළඳ සිටින්නේ ඔවුන් සමඟ අන් අය සිටිනු දකින නිසා. එනම් එය පළඳින්නා වෙනුවෙන් නොව අන් අය වෙනුවෙන් නිසා" යනුවෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් විශ්වාසය සහ අවදානම් සංජානනය පිළිබඳ විශේෂඥතාවක් ඇති Kyoto's Doshisha විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය Kazuya Nakayachi කියා සිටියේය.