යුරෝපීය තරු සමීක්ෂණ ව්‍යාපෘතිය මගින් හෙළිකළ නවතම දත්ත සමූහය


යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වැදගත් දත්ත සමූහයක් මුදාහරි

.

අපගේ මන්දාකිනියේ වඩාත් නිවැරදි සහ සම්පූර්ණ සිතියමක් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස Gaia අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය විසින් එකතු කරන ලද ක්ෂීරපථයේ තරු බිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ දත්ත තොගයක් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් සඳුදා දින නිකුත් කර ඇති බව වාර්තා වේ. 

 

මෙම දත්ත භාවිතා කිරීම මගින් තාරකා ඉපදීම සහ මිය යන ආකාරය මෙන්ම වසර බිලියන ගණනක් තිස්සේ ක්ෂීරපථය පරිණාමය වී ඇති ආකාරය පිළිබඳව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට තාරකා විද්‍යාඥයින් අපේක්ෂා කරනු ලබයි. 

 

නව දත්ත වලට තරු වල වයස, ස්කන්ධය, උෂ්ණත්වය සහ රසායනික සංයුතිය වැනි තොරතුරු ඇතුළත් වන අතර උදාහරණයක් ලෙස, වෙනත් මන්දාකිණියක ඉපදී ක්ෂීරපථයට සංක්‍රමණය වූ තාරකා මොනවාද යන්න තීරණය කිරීමට මෙය භාවිතා කළ හැකි බව පැවැසේ. 

 

"මෙය තාරකා විද්‍යාව සඳහා ඇදහිය නොහැකි රන් ආකරයකි," අභ්‍යවකාශ ගවේෂණ මගින් රැස් කරන ලද මිනුම් භාවිතා කළ හැකි දත්ත බවට පත් කිරීමට වසර ගණනාවක් තම කාලය, ශ්‍රමය වැය කළ විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් 450 දෙනෙකුගෙන් යුත් සමුහයකට නායකත්වය දුන් Antonella Vallenari නව සොයාගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පැවසීය.

Comments