ජපානය සමඟ ආරක්ෂක සහයෝගීතාව දියුණු කිරීමට බලාපොරොත්තු වන දකුණු කොරියාව


ජපානය හා දකුණු කොරියාව අතර සබඳතා තවත් වර්ධනය වේ

.

සිංගප්පූරුවේ පැවැති වාර්ෂික ආසියානු ආරක්ෂක සමුළු දේශනයේදී " යුධ කාලීන ප්‍රශ්න මත බිඳී ගිය ද්විපාර්ශ්වික සබඳතා දියවී යාමේ සලකුනු මධ්‍යයේ, ජපානය සමඟ ආරක්ෂක සහයෝගීතාව යළිත් සාමාන්‍යකරණය කිරීමට තම රට කැමැත්තෙන් සිටින බවත් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සදහා වන කාලය ස්වභාවිකව පැමිණෙනු ඇති බවත්" දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වූ  Lee Jong Sup ප්‍රකාශ කළේය. 

 

දකුණු කොරියානු ජනපති විසින් සිය දිවුරුම් දිමේ උත්සවයේදී ජපානය සමග ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම සඳහා අනාගත නැඹුරු ප්‍රවේශයක් ඉල්ලා සිටි අතර උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ මිසයිල සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජපානය සහ එක්සත් ජනපදය සමඟ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට ප්‍රතිඥා දී තිබේ .

 

ද්විපාර්ශ්වික සබඳතා වල ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරමින්  "තමාට ජපානයට යාමට අන්‍යෝන්‍ය වශයෙන් පහසු වේලාවක් ජපාන නිලධාරීන් සමඟ සාකච්ඡා කොට යොදාගන්නා බව" දකුණු කොරියාවේ විදේශ අමාත්‍ය ලෙස කටයුතු කරන Park jin එක්සත් ජනපදයට පිටත්ව යාමට පෙර ඉරු දින කියා සිටියේය.

112 Views

Comments