චීනයට සිය කනස්සල්ල පළ කළ ජපාන ආරක්ෂක ප්‍රධානියා


ජපානයේ ක්‍රියාකාරකම් පිළිබඳව චීනයෙන් ජපානය සමාව අයදියි

.

ජපානය ආසන්න මුහුදේදී චීන සහ රුසියානු බෝම්බ හෙලන යානා විසින්  තම ජාතියට එරෙහිව "බල ප්‍රදර්ශනයක්" ලෙස මෑතකදී සිදු කරන ලද ඒකාබද්ධ ගුවන් ගමනක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi ඉරිදා දින සිංගප්පූරුවේදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා වලදී සිය චීන සහකරු වූ Wei Fenghe හට  කනස්සල්ල පළ කර සිටි බව වාර්තා වේ .

 

Tokyo සහ Beijing හි ආරක්ෂක බලධාරීන් අතර අන්තර්ක්‍රියා සහ සංවාදය ප්‍රවර්ධනය කිරීමට මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූ අතර "ජපාන-චීන සබඳතාවලට සැලකිලිමත් විය යුතු කරුණු ඇති බැවින්, අපට අවංක සන්නිවේදනයක් තිබිය යුතුය" යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් Kishi ප්‍රකාශ කළේය .

 

මෑතකාලීනව ජපානය ආසන්න මුහුදේ සිදුවූ චීන හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව ජපාන නිලධාරීන් වෙනුවෙන් Kishi සිය කනස්සල්ල පළ කළ අතර සියලු ජාතීන් වෙනුවෙන් මෙහිදී නැගෙනහිර චීන මුහුද සහ දකුණු චීන මුහුද තුළ චීනයේ “ස්වයං සංයමය” ඉල්ලා සිටියේය.

118 Views

Comments