උතුරු කොරියාවේ රූපවාහිනී සහ පුවත්පත් තහනම ඉවත් කිරීමට පියවර ගැනේ


උතුරු කොරියාවේ රූපවාහිනී සහ පුවත්පත් තහනම ඉවත් කිරීමට ඉවත් කිරීමට සූදානමක් පවතී

.

ප්‍රතිවාදීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස උතුරු කොරියානු රූපවාහිනී, පුවත්පත් සහ වෙනත් මාධ්‍ය වෙත සිදු කෙරෙන මහජන ප්‍රවේශය වළක්වමින් දශක ගණනාවක් තිස්සේ පනවා තිබූ තහනම ඉවත් කිරීමට දකුණු කොරියානු රජය සැලසුම් කර ඇති බව අමාත්‍යාංශ නිලධාරීන් සිකුරාදා නිවේදනය කළහ. 

 

1948 සිටම බලකොටු දේශසීමා ඔස්සේ උතුරු සහ දකුණු වශයෙන් බෙදී පවතින කොරියානු ජාතිය තම රටේ පුරවැසියන්ට එකිනෙකාගේ භූමියට පැමිණීම සහ දුරකථන ඇමතුම්, ඊමේල් සහ ලිපි හුවමාරු කර ගැනීම මෙන්ම එකිනෙකාගේ වෙබ් අඩවි සහ රූපවාහිනී මධ්‍යස්ථාන වෙත පිවිසීම ද අවහිර කර තිබිණි. 

 

සිකුරාදා දින දකුණු කොරියානු එක්සත් කිරීමේ අමාත්‍යාංශය විසින් නව ජනාධිපති Yoon Suk Yeol වෙත ප්‍රතිපත්ති වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ "අන්‍යෝන්‍ය අවබෝධය ඉහළ නැංවීමට, කොරියානු ජාතික අනන්‍යතාවය ප්‍රතිස්ථාපනය කිරීමට සහ අනාගත එක්සත්භාවයක් සදහා සූදානම් වීමට උතුරු කොරියානු විකාශන සහ ප්‍රකාශන මාධ්‍ය වෙත අවහිර කර තිබූ පිවිසුම් ක්‍රමයෙන් විවර කරන බවයි."

 

"උතුරු කොරියාවට මේ හා සමාන පියවර ගැනීමට හැකි වන පරිදි ඔවුන් දිරිගැන්වීම සඳහා උතුරු කොරියානු විකාශනවලට ප්‍රවේශ වීමට අවසර දීම දකුණු කොරියාව ආරම්භ කරන බවත් මෙම සැලසුම් තවමත් දකුණු කොරියාවේ ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවත්" මෙහිදී අදහස් දක්‌වමින් අමාත්‍යාංශ නිලධාරීන් පැවසූ නමුත් වැඩිදුර තොරතුරු සැපයීම අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළේය.

121 Views

Comments