Onitsuka ට පොදු දේපල විනාශ කිරීම සම්බන්ධ චෝදනා


ගායක සහ ගීත රචක Chihiro Onitsuka එරෙහිව ටෝකියෝ නුවර අභිචෝදනා කරුවන් විසින් පොදු දේපලට හානිකිරීමක්

.

ගායක සහ ගීත රචක Chihiro Onitsuka එරෙහිව ටෝකියෝ නුවර අභිචෝදනා කරුවන් විසින් පොදු දේපලට හානිකිරීමක් සම්බන්ධව චෝදනා ගොනු කර ඇත.ඇයව පසුගිය නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ගිලන් රථයකට පා පහරක් එල්ල කළා යැයි චෝදනා කරමිනි.

 

පසුගිය නොවැම්බර් 28 වනදා ජපාන අගනුවර Ebisu ප්‍රදේශයේ විදියකදී හදිසි සේවා අධිකාරිය විසින් ඇය සිදු කළ ක්‍රියාවක් සම්බන්ධව ලබාදුන් වාර්තාවක් හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

 

හතළිස් එක් හැවිරිදි එදින ඇයගේ අසනීපයෙන් පසුවන මිතුරෙකු වෙනුවෙන් ගිලන් රථයක් කැඳවා තිබූ අතර ඇය මාර්ගය අසල සිටින විටදී ඒ අසලින් ගමන් කළ පුද්ගලයෙකු සිදු කල නොමනා ප්‍රකාශයක් හේතුවෙන් ආවේගශීලී වූ ඇය  ගිලන් රථයට පා පහරක් එල්ල කර තිබුණි.මේ ක්‍රියාව සම්බන්ධයෙන් ඇයව  මෙලෙස චෝදනා ගොනුකර ගොනු කර අත්අඩංගුවට ගෙන තිබේ .

289 Views

Comments