Kyodo මත විමසුමේ නවතම තත්වය


උද්දමනය හමුවේ kishidaගේ ආණ්ඩුව අප්‍රසාදයට පත් වන සලකුණු මතුවේ

.

ඔක්තෝම්බර් මාසයේදී ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida බලයට පත්වීමෙන් පසු ඔහුගේ කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් වූ අනුමත ශ්‍රේණිගත කිරීම්වල වාර්තාගත ඉහළම මට්ටම සනිටුහන් කරමින් මැයි මාසයේදී 61.5% දක්වා ඉහළ ගිය නමුත් යළිත් වරක් 56.9 % දක්වා පහත වැටී ඇති බව ජනතාව අතර සිදුකළ නව සමීක්ෂණයක් මගින් සඳුදා පෙන්වා දී තිබේ .

 

සෙනසුරාදා සිට දින තුනක් පුරාවට මුළු රටම ආවරණය වන පරිදි පවත්වන ලද දුරකථන මත විමසුමට  ප්‍රතිචාර දැක්වූ ජනතාවගෙන් 64.1% ප්‍රමාණයක් වර්තමානයේදී ඉහල යන මිල සම්බන්ධයෙන් Kishida ගේ ආන්ඩුව දක්වන ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ කළ අතර, 28.1% ප්‍රමාණයක් උද්ගත වී ඇති ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග සතුටුදායක බව කියා සිටියේය.

116 Views

Comments