සයිබර් හිරිහැර සඳහා දැඩි දඬුවම් පැනවීමට පියවර ගත් ජපානය


ජපානය තුල සයිබර් අපරාධ සඳහා වූ නීති දැඩි වෙයි

.

අන්තර්ජාලය හරහා සිදුවූ අපයෝජනයක් නිසා රියැලිටි වැඩසටහනක සාමාජිකයෙකු මිය ගොස් වසර දෙකක් ගතවන මොහොතේදී ජපානයේ Diet සභාව විසින් ජූනි 13 දින සයිබර් හිරිහැරයට එරෙහිව අපහාස කිරීම සඳහා දැඩි දඩුවම් ලබා දිය හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධනය සම්මත කරන ලදී. 

 

මන්ත්‍රී මණ්ඩලය ජූනි 13 වැනි දින පැවැති පූර්ණ සැසිවාරයේදී සංශෝධිත අපරාධ නීතිය වෙනුවෙන් සිය ඡන්දය පක්ෂව ප්‍රකාශ කර නව සංශෝධනය සම්මත කළ අතර මෙය එළැඹෙන ගිම්හානයේ සිට බලාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැඩි නීති මගින් අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස සීමා වියහැකි බවට සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියේදී අදහස් ඉදිරිපත් වීම හේතුවෙන්, සංශෝධිත නීතිය බලාත්මක කිරීමෙන් වසර තුනකට පසුව විශේෂඥ මණ්ඩලයක් විසින් එහි ප්‍රගතිය පිළිබඳව පරීක්ෂා කිරීම අනිවාර්ය කෙරිණි. 

 

සංශෝධිත අපරාධ නීතිය යටතේ, "ශ්‍රමය සමඟ සිරගත කිරීම හෝ ශ්‍රමය නොමැතිව වසරක් දක්වා සිරදඬුවම් නියම කිරීම සහ යෙන් 300,000 දක්වා දඩයක් එකතු කර ඇති අතර, නඩු පැවරීමේ සීමාවන් වසරක සිට වසර තුන දක්වා දීර්ඝ කර නව ප්‍රඥප්තියට ඇතුළත් කර තිබේ. මෙලෙස සංශෝධිත නීතිය මගින් වරදකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන අතරම,  මානසික අපයෝජනයන් වැළැක්වීමේ පියවර ගනු ලබයි.

131 Views

Comments