ජපානයේ Tokyo අගනුවර අද දින නව Corona ආසාදිතයින් 2015 ක් සහ තහවුරු කරන ලද මරණ තුනක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
නව ආසාදිතයින්ගෙන් 1059 කට COVID-19 එන්නත් දෙකක් ද, 17 කට එක් එන්නතක් ද ලබා දී තිබූ අතර 486 දෙනෙකුට එක් එන්නතක් හෝ ලබා දී නොමැත. එමෙන්ම ආසාදිතයින් 453 දෙනෙකුගේ එන්නත් තත්ත්වය පිළිබඳව නිශ්චිතවම නොදන්නා බව පැවැසේ.
ජුනි පළමු සතියේ අගනුවරින් වාර්තා වූ COVID-19 රෝගීන්ගේ දිනක සාමාන්‍යය 1904.1 වූ අතර දෙවන සතියේ එහි අගය 1567.3 ලෙස සටහන්ව තිබිණි. ජූනි 15 වන විට, අගනුවර තුළ සාමාන්‍ය Corona ආසාධිත රෝගීන් වෙනුවෙන් නම් කරන ලද ඇඳන් 5047 න් 573 ක් සහ දරුණු රෝගීන් වෙනුවෙන් නම් කරන ලද ඇඳන් 420 න් 11 ක් පිරී ගොස් තිබූ බව වාර්තා වේ.