ගිම්හාන නිවාඩු කාලයේ  සාමූහික විනෝදත්වය අහිමි කළ COVID-19 වෛරසය


ජපානයේ කොරෝනා වසංගත ව්‍යාප්තිය ජන ජීවිතයට මහත් සේ බලපායි

.

Omicron හි BA. 5 උප ප්‍රභේදය ජපානය තුළ  සීග්‍රයෙන් පැතිර යමින් පවතින අතර වෛරස ව්‍යාප්තියේ හත්වන රැල්ල ජපානයේ ගිම්හාන නිවාඩු සමය මත අඳුරු සෙවනැල්ලක් ඇති කිරීමට පටන් ගෙන ඇත . මෙනිසා ජනාකීර්ණ ප්‍රදේශවල පදිංචිකරුවන් හට තම ආදරණීයයන් ආසාදන අවදානමට ලක් කරනවාද නැතහොත් අඛණ්‌ඩව තුන්වන වසර සඳහාත් ගිම්හාන සමයේ නිවස තුළටම වී රැඳී සිටිනවාද යන දැඩි තීරණයට මුහුණ දීමට සිදුව ඇති අතර උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව මෙලෙස සිය අදහස් පළ කළහ . 

 

සිව්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීම සඳහා ජූලි 21 වන දින Chiyoda Ward හි ස්වයං ආරක්ෂක බලකායේ එන්නත් මධ්‍යස්ථානයට ගිය Tokyo නගරයේ Itabashi Ward හි පදිංචිව සිටින 74 හැවිරිදි කාන්තාවක්  කියා සිටියේ "ආසාදනය ඉතා ඉක්මණින් වැඩි වෙමින් පවතී. එය භයානකයි. බොහෝ දරුණු අවස්ථා නොමැති බැවින්, මිනිසුන් අවදියෙන් නොසිටිය හැකිය. නමුත් සෑම පුද්ගලයෙකුම ආසාදනය වැලැක්වීම ගැන සැලකිලිමත් වනු

දැකීමට මම කැමතියි" යනුවෙනි.

 

Tokyo නගරයට නැගෙනහිරින් පිහිටි Chiba ප්‍රාන්තයේ Ichikawa හි පදිංචිව සිටින 27 හැවිරිදි කාර්යාල සේවකයෙකු JR Tokyo දුම්රිය ස්ථානයට යමින් සිටියදී කියා සිටියේ " සංචරණ සීමාවන් නොමැති බැවින්, පුද්ගලයෙකු ආසාදනය වුවහොත්, එය ඔවුන්ගේ වගකීමක් යැයි මම සිතමි. මෙම ගිම්හානයේදී, ආසාදනයට එරෙහිව වැළැක්වීමේ පියවර ගනිමින්, හැකිතාක් දුරට නිවාඩුව ගත කිරීමට මම කැමතියි"යනුවෙනි. 

 

" ගිම්හාන නිවාඩු කාලය තුළදී උපන් ගම වන Kumamoto ප්‍රාන්තයට යාම මගේ එකම අපේක්ෂාවයි. මගේ සීයා සහ ආච්චි හොඳින් සිටින අතරතුර මට හැකි තරම් ඔවුන්ව බැලීමට අවශ්‍ය බැවින් මම ආපසු යන්නෙමි. ආසාදන විරෝධී ක්‍රියාමාර්ග ගැනීමට මම මගේ උපරිමය කරන්නෙමි" යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් 19 හැවිරිදි පළමු වසරේ Tokyo Dime නගරය පසු කර ගිය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වූ Ryuta Fujii පැවසීය.

173 Views

Comments