හරිත තාක්ෂණ ප්‍රවණතාව මධ්‍යයේ වසා දැමීමට සුදානම් වන  ජපානයේ පිරිපහදුව 


Yamaguchi තෙල් පිරිපහදුව වසා දැමීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග පවසයි

.

ගෝලීය ප්‍රවණතාවයට සමගාමීව කාබන් විමෝචනය ශූන්‍ය වන පරිදි නිෂ්පාදනය කෙරෙන හරිත වාහන වලට යොමුවීමේ සම්භාවිතාව වැඩිවීම මධ්‍යයේ පෙට්‍රල් සඳහා පවතින ඉල්ලුම අඛණ්ඩ  පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් සිය සමාගමට අයත් බටහිර ජපානයේ Yamaguchi ප්‍රාන්තයේ පිහිටා ඇති තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් 2024 මාර්තු වන විට වසා දැමීමට තීරණය කර ඇති බව රටේ දෙවන විශාලතම තෙල් තොග වෙළෙඳ සමාගම වන Idemitsu Kosan  අඟහරුවාදා නිවේදනය කළේය. 

 

ජපානයේ ජනගහනය අඩුවීම සහ COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ඉල්ලුම තවදුරටත් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බැවින් සමූහයේ සමස්තයෙන් 13% එනම් දිනකට බොරතෙල් බැරල් 120,000 ක ධාරිතාවක් සැපයෙන පිරිපහදු මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කළ බවත් Idemitsu නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ.

 

"පිරිපහදුව වසා දැමීමෙන් පසු ප්‍රාදේශීය ප්‍රජාවට සහ සමාජයට දායක විය හැකි වන පරිදි එය භාවිතා කිරීම ගැන අපි සලකා බලමු. අපගේ 450 පමණ වූ සේවක මණ්ඩලය සඳහා වැඩ කිරීමට සේවා ස්ථාන ලබා දෙන බව අපි ප්‍රතිඥා දී තිබේ " යනුවෙන් Tokyo හි පැවති මාධ්‍ය හමුවකදී Idemitsu සමාගමේ විධායක උප සභාපති ධුරයේ කටයුතු කරන Susumu Nibuya පැවැසීය. 

 

හයිඩ්‍රජන් සහ ඇමෝනියා ඇතුළු හරිත බලශක්ති ප්‍රභවයන් සඳහා පදනමක් ලෙස පිරිපහදු කිරිමේ මධ්‍යස්ථානය යළිත් භාවිතා කිරීමට Idemitsu සමාගම සලකා බලමින් සිටින බව මේ පිළිබඳව හුරුපුරුදු මුලාශ්‍ර ප්‍රකාශ කළේය.

101 Views

Comments