මෝටර් රථයක් හා පාපැදියක් ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට


79 හැවිරිදි අයෙක් ටෝකියෝවේ Asahi-cho, Nerima Ward හි වීදියේදී මෝටර් රථයක ගැටී තිබෙනවා.

.

ඊයේ(04) සවස 3:15 ට පමණ සයිටාමා ප්‍රාන්තයේ Wako City හි Shirako හි පාපැදියකින් ගමන් කරමින් සිටි Kazuo Tabata නම් 79 හැවිරිදි අයෙක් ටෝකියෝවේ Asahi-cho, Nerima Ward හි වීදියේදී මෝටර් රථයක ගැටී තිබෙනවා.

රියෙහි ගැටුණු ඔහු මීටර් 280ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු කඩිනමින් රෝහලට ගෙන ගිය නමුත් මියගොස් තිබෙනවා.

මෝටර් රථය එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ හිකරිගෝකා පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

 

117 Views

Comments