බිහිරි සංචාරකයින් වෙනුවෙන් නිර්මාණය වූ  ශබ්ද සැකසුම් තීරය


බිහිරි සංචාරකයන්ගේ පහසුව පිණිස දුම්රිය ස්ථානවල තිර ස්ථාපනය කෙරේ

.

දුම්රිය ස්ථානයක රැදී සිටින මගියෙකුට සාමාන්‍යයෙන් අසන්නට ලැබෙන වේදිකා නිවේදන මෙන්ම පැමිණෙන සහ පිටත්ව යන දුම්රිය මගීන් නිකුත් කෙරෙන ශබ්දය නියමිත පරිදි ග්‍රහණය කර ගැනීමට නොහැකි වන ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට උපකාර කිරීමේ අරමුණින් සංඥා භාෂාවෙන් සහ පෙළ භාවිතය මගින් අදාළ නිවේදන තිරයක් මත ප්‍රතිනිෂ්පාදනය කිරීමේ නව ක්‍රියාවලියක් Tokyo නගරයේ JR Ueno දුම්රිය ස්ථානයේදී පසුගියදා ආරම්භ කර තිබේ. 

 

එළැඹෙන දෙසැම්බර් 14 දක්වා දිවෙන අත්හදා බැලීමේ ව්‍යාපෘතිය මගින් ශ්‍රවණාබාධිත මගීන්ට ආරක්ෂිත සහ වඩාත් පහසු සංචාරක අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරනු ලබයි. 

 

Fujitsu Ltd. සමඟ ඒකාබද්ධව සංවර්ධනය කරන ලද මෙම සේවාවේදී දුම්රිය ස්ථානයේ නිවේදන සහ ශබ්ද මයික්‍රොෆෝනයක් මගින් එකතු කර කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් තත්‍ය කාලීනව ශබ්දයට අදාළ පෙළ සහ වචනය විස්තර බවට පරිවර්තනය කිරීම සිදු කෙරේ .

144 Views

Comments