කලාපීය ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කිරීමට පොරොන්දු වූ රාජ්‍ය නායකයෝ


ජපානය හා ඕස්ට්‍රේලියාව අතර සහයෝගීතාවය වර්ධනය වේ

.

චීනය ඉන්දු-පැසිෆික් කලාපය තුළ ආර්ථික සහ යුධමය වශයෙන් සිය බලපෑම වැඩිකරමින් සිටින බැවින් ඊට සමගාමිව ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර සහයෝගිතාව වේගවත් කිරීමේ අරමුණින් දෙරටේ ආරක්ෂක ප්‍රධානීන් බදාදා සාකච්ඡා පවත්වා තිබේ. 

 

Tokyo හිදී පැවැති සාකච්ඡා අතරතුරදී ජපාන ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi සහ ඔහුගේ ඕස්ට්‍රේලියානු මිතුරා වූ Richard Marles විසින් ජාතීන් දෙකේ ආරක්ෂක හමුදා අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි කිරීම වෙනුවෙන් සැලසුම් කර තිබූ පුහුණුවීම් කටයුතු වැඩිදියුණු කිරීමේ සැලසුම් යළි තහවුරු කළ බව වාර්තා වේ .

 

"ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ජපානයට සහ ඕස්ට්‍රේලියාවට දැන් විශාල වගකීමක් තිබේ" යනුවෙන් ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා සාකච්ඡාව අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් වැඩිදුරටත් කියා සිටියේය .

123 Views

Comments