මාස තුනකට පසු පලමු වතාවට අඩුවූ ජපානයේ පවුලක මාසික වියදම


ජපානයේ පවුලක වියදම අඩුවේ

.

මාර්තු මාසයේදී ජපානයේ පවුලකට වැය වන මාසික වියදම පෙර වසරට වඩා 2.3% ක අගයකින් පහත වැටී ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් අඟහරුවාදා ප්‍රකාශ කළේය.

 

යුක්‍රේනයේ රුසියානු යුද්ධයත් සමඟ බලශක්ති, ආහාර සහ අනෙකුත් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යමින් පවතින බැවින් මෙන්ම Corona වසංගතය වැනි වෙනත් සාධක ඇති බැවින් “මිල වැඩිවීම් පාරිභෝගික හැසිරීමට බලපා තිබේද යන්න තීරණය කිරීමට ඉක්මන් වැඩියි ” යනුවෙන්  රජයේ අමාත්‍යාංශ නිලධාරියෙකු පැවැසීය . 

 

පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින පවුලක සාමාන්‍ය වියදම යෙන් 307,261 අගයක පැවති අතර මාර්තු මාසයේදී එහි පහත වැටීම පෙර වසරේ 6.5% ක ශක්තිමත් වැඩිවීමක් අනුගමනය කළ බව තවදුරටත් අදහස් දක්‌වමින් ඔහු සදහන් කළේය .

106 Views

Comments