පසුගිය ඉරිදා දින නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පවසා සිටියේ තමාගේ විවාහ උත්සවය ද පැතිර යන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කල් දැමීමට සිදු වන බවයි.
නවසීලන්තයෙන් omicron ආසාදිතයන් සොයා ගැනීමත් සමග පසුගියදා ඇය නැවත corona සීමා කිරීම් දැඩි කරන ලදී. එම නීති ඇයට අදාළ කරගනිමින් මෙසේ අය ගෙ විවාහ උත්සවය කල් දමා ඇත. නවසීලන්තය තුළ පැනවූ සීමාවන් ට අනුව ඕනෑම උත්සව අවස්ථාවකට සහභාගි විය හැකි උපරිම එන්නත් ලබාගත් සහභාගි කයන් ගණන 100 කි.
Jacinda Ardern සහ ඇයගේ දිගු කාලීන පෙම්වතා වන Clarke Gayford ඔවුන්ගේ විවාහයට නිශ්චිත දිනයක් තවමත් නම් කර නැති නමුත් ඉදිරි සති කිහිපය තුළදී එය පැවැත්විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි