NATO සමුළුවට සහභාගී වන පළමු ජපාන නායකයා බවට පත්වූ අගමැති Kishida


ජපාන අගමැති NATO සමුළුවට සහභාගී වීමට සූදානම් වෙයි

.

බටහිර ආරක්ෂක සන්ධානයේ රැස්වීමට සහභාගී වන පළමු ජපාන නායකයා බවට පත්වෙමින් ජුනි 29 දින ස්පාඤ්ඤයේ Madrid අගනුවර පැවැත්වෙන NATO උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සමුළු රැස්වීමට තමන් සහභාගී වන බව බදාදා නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය Fumio Kishida ප්‍රකාශ කළේය. 

 

යුක්‍රේනයට එරෙහිව සිදුවන රුසියානු යුද්ධයෙන් පැන නගින අභියෝගවලට සාමාජික රටවල්වලට දිගින් දිගටම මුහුණ දීමට සිදුව ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වෙනුවෙන් පැවැත්වෙන NATO සමුළුවට සහභාගී වීමට පෙර ජූනි 26 සිට ජර්මනියේ Schloss Elmau හි පැවැත්වීමට නියමිත කාර්මීකරණය වූ රටවල් හතේ කණ්ඩායමේ තෙදින සමුළුවට ජපානය නියෝජනය කරමින් සහභාගී වීමටද Kishida සැලසුම් කර ඇති බව සදහන් වේ . 

 

"ලෝකයේ ඕනෑම තැනක  පවතින තත්ත්වය බලහත්කාරයෙන් වෙනස් කිරීමට දරන ඕනෑම ඒකපාර්ශ්වික උත්සාහයක් අනුමත කළ නොහැකි බව" NATO සමුළුවේදී අවධාරණය කිරීමට තමා අදහස් කරගෙන සිටින බව Kishida පැවසීය.

116 Views

Comments