වඳුරු උවදුර පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට විශේෂඥයින් කැඳවූ WHO


ලෝක සෞඛ්‍ය සංවිධානය වඳුරු උවදුර පිළිබඳව සාකච්ඡා පවත්වයි

.

අප්‍රිකාවෙන් පිටත අභිරහස් ලෙස සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වඳුරු උවදුර ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශ කළ යුතුද යන්න තීරණය කිරීමේ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ජුනි 23 වන දින හදිසි විශේෂඥ කමිටු රැස්වීමක් කැඳවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇති බව පසුගියදා නිවේදනය කළේය . 

 

වෛරසය එයට ආවේණික වූ අප්‍රිකානු ප්‍රදේශවලින් ඔබ්බට පිහිටි රටවල පැතිරීම හේතුවෙන් මෑත කාලීනව “අසාමාන්‍ය”  හැසිරීම් පෙන්නුම් කර ඇති නිසා හදිසි කමිටුව කැඳවීමට තමා තීරණය කළ බව සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus අඟහරුවාදා කියා සිටියේය. 

 

ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරන අප්‍රිකාවේ හදිසි අවස්ථා පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය Ibrahima Soce Fall  පැවසුවේ "රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන අතර අප්‍රිකාවේ සහ ඉන් ඔබ්බට සේවයේ නියුතු සෞඛ්‍ය නිලධාරීන් 'සම්ප්‍රේෂණයේ ගතිකත්වය පිළිබඳව ඇති අඩු දැනුම හේතුවෙන් බොහෝ හිඩැස්වලට' මුහුණ දෙමින් සිටින බවයි  .

120 Views

Comments