ජපානය එක්සත් ජාතීන්ගේ පළමු න්‍යෂ්ටික තහනම් සමුළුව මගහැරීමට සුදානම් වෙයි


එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික විරෝධී සමුළුවට තමන් සහභාගී නොවන බව අගමැති තුමා පවසයි

.

ලෝකයේ පරමාණු බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වූ එකම ජාතිය ලෙස න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ පළමු සමුළුවට ජපානය  සහභාගී වනු ඇති බවට ඉහළ අපේක්ෂාවන් පැවැතියද ජපානය නියෝජනය කරමින් තමන් සමුළුවට එක් නොවන බව අගමැති Fumio Kishida බදාදා නිවේදනය කළේය.

 

ජපානය තවමත් න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් කර නොමැති නමුත් නිරීක්ෂකයෙකු වශයෙන් හෝ තෙදින සමුළුවට සහභාගී වීමට අවශ්‍ය වන ක්‍රියා පටිපාටි අඟහරුවාදා අවසන් දිනය වන විටත් සම්පූර්ණ කර නොතිබු බව පැවැසේ. 

 

එළැඹෙන අඟහරුවාදා දින ආරම්භ වන මෙම සමුළුවට ජපාන රජය සහභාගී වනු ඇති බවට 1945 අගෝස්තු මාසයේදී හිරෝෂිමා සහ නාගසාකි නගර වලට හෙළන ලද එක්සත් ජනපද පරමාණු බෝම්බ ප්‍රහාරවලින් දිවි ගලවා ගත් ජනතාව මෙන්ම එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ අනෙකුත් සාමාජික රටවල් ද බලාපොරොත්තුවෙන් සිටි බව වාර්තා වේ.

102 Views

Comments