වර්ෂාව සහ නායයෑම හේතුවෙන් බිඳවැටුණු චින ජනතාවගේ දෛනික ජීවිතය


අයහපත් දේශගුණය හේතුවෙන් චීන ජනතාවගේ ජන ජීවිතය බිඳ වැටේ

.

රාජ්‍ය මාධ්‍ය වාර්තා වලට අනුව මේ සතිය තුළ චීනයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු මරණයට පත් වී ඇති අතර පුද්ගලයන් 200,000 ක් පමණ අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව වාර්තා වේ . 

 

අඟහරුවාදා දින ගිනිකොනදිග චීනයේ පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය අතර Fijian පළාතේ නිවසක් කඩා වැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇත. අසල්වැසි Jiangxi පළාතේ ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ නායයාම හේතුවෙන් සඳුදා දින පුද්ගලයන් දෙදෙනෙක්  මිය ගොස් තිබේ .

 

උතුරු චීනයේ අභ්‍යන්තර මොංගෝලියා ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කදුකර ප්‍රදේශයේදී වතුරට වැටුණු වාහනයේ සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු අතුරුදහන් වී ඇත.

 

Jiangxi පළාතට ඇද හැලුණු අධික වර්ෂාව බදාදා වනවිට අවසන් වූ නමුත් Fujian, Jiangxi සහ Guangdong සහ ආසන්නව පිහිටා ඇති Guangxi කලාපයට තවත් සතියක් සඳහා වැඩි වර්ෂාපතන නිවේදනයක් නිකුත් කර ඇත. එම ප්‍රදේශවල පස දැනටමත් ජලයෙන් සංතෘප්ත වී ඇති නිසා ගංවතුර සහ නායයෑම් සඳහා ප්‍රදේශවාසීන් සූදානම්ව සිටිය යුතු බවට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව පැවැසේ .

113 Views

Comments