ඇමරිකානු ආහාර සහ Pies අතුරුපස සපයන අවන්හල් ජාලයක් වන Anna Miller හි අවසන් සක්‍රීය ශාඛාව අගෝස්තු 31 දින වනවිට වසා දැමීමට නියමිතව ඇති බව දාමයේ මව් සංස්ථාව ජුනි 14 දින නිවේදනය කළේය.
Shinagawa දුම්රිය ස්ථානයේ බටහිර පිටවීමේ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් ශාඛාව වෙනත් ස්ථානයකට ගෙනයන ලෙසට ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශය විසින් සිදුකළ ඉල්ලීමක් අනුව Tokyo අගනුවර Minato Ward හි පිහිටි Takanawa ශාඛාව වසා දැමීමට තීරණය කර තිබේ.
1973 ජූනි මාසයේදී Tokyo අගනුවර Minami Aoyama දිස්ත්‍රික්කයේදී සිය ප්‍රථම ජපන් වෙළඳසැල විවෘත කිරීමට Anna Miller's සමත් වූ අතර එහි පිසින ලද රසවත් ආහාර වට්ටෝරුව හේතුවෙන් තරුණයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.
අතීතයේදී Jiyugaoka, Meguro, Kichijoji සහ Shimokitazawa වැනි ප්‍රදේශ ආවරණය වන පරිදි සමස්ථ ශාඛා 25 ක උපරිමයට ළගා වීමට Anna Miller හට හැකිවූ නමුත් මිනිසුන්ගේ ජීවන රටාවේ වෙනස්වීම් සහ වෙනත් හේතූන් රාශියක් නිසා වර්තමානයේදී සමස්ථ ශාඛා ජාලය බිඳී ගොස් Takanawa ශාඛාව පමණක් ඉතිරිව තිබිණි.