ආරක්ෂක රේඩාර්වලට බාධාවක් වූ ජපානයේ සුළං බල යටිතල පහසුකම


සුළං බලශක්ති උත්පාදක යන්ත්‍ර මිසයිල හඳුනා ගැනීමට බාධා කරන බව පවසයි

.

ජපානය පුරා ස්ථාපිත කර තිබෙන සුළං බලශක්ති උත්පාදනය වෙනුවෙන් වූ යටිතල පහසුකම් මගින් ස්වයං-ආරක්ෂක බලකායේ මිසයිල හඳුනාගැනීම සඳහා වන  රේඩාර්වලට බාධා කරන බව නවතම සමික්ෂණයක් මගින් සොයා ගැනීමට සමත් වී ඇති බැවින් එවැනි ව්‍යාපෘති සමහරක වෙනස්කම් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් රජයෙන් ඉල්ලීම් කර ඇති බව සමිප මූලාශ්‍ර සෙනසුරාදා වාර්තා කළේය.

 

එමෙන්ම වෙරළබඩ සුළං බලශක්ති උත්පාදනය සඳහා හිතකර ස්ථාන ලෙස රජය විසින් හඳුනාගෙන ඇති ප්‍රදේශවල ද එවැනි නව යටිතල පහසුකම් ස්ථාපනය නොකරන ලෙස ද අමාත්‍යාංශය තවදුරටත් ඉල්ලා සිටි බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 

අමාත්‍යාංශයට අනුව, SDF රේඩාර් මගින් පරාවර්තනය කරන රේඩියෝ තරංග වස්තු මගින් විමෝචනය කරන අතර ආපසු එන සංඥාව එම වස්තූන් ස්ථානගත කිරීමට ඉඩ සලසයි.  නමුත් විශාල සුළං ටර්බයින සමහර විට රේඩියෝ තරංග අවහිර කිරීම හෝ විශාල පරාවර්තක සංඥා නිර්මාණය කිරීම සිදු කරන බැවින් මිසයිල සහ ගුවන් යානා වැනි වස්තූන්ගෙන් පරාවර්තනය වන තරංග හඳුනා ගැනීම වඩාත් අපහසු වීම මෙයට හේතුව ලෙස දක්වා තිබේ .

155 Views

Comments