වසර දෙකකට පමණ පෙර සිට COVID-19 වසංගතය සම්ප්‍රේෂණය වීම වැලැක්වීමේ අරමුණින් ප්‍රථම වරට ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් වල 'දිවා ආහාර වේලාවන්හි කතා කිරීම තහනම් කරමින් පනවා තිබූ නීතිය' පිළිබඳව යළිත් වරක් සමාලෝචනය කිරීමට සමහර ජපාන මහ නගර සභා සලකා බලමින් සිටින බව වාර්තා වේ.
රට පුරාවට වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීම සහ සිසුන්ට තම ආහාර වේල ගන්නා විට මිතුරන් සමඟ කතා කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීම ඔවුන්ගේ සමාජ සංවර්ධනයට බලපානු ඇතැයි යන කනස්සල්ල මධ්‍යයේ මෙලෙසින් පනවා තිබූ නීතිය සංශෝධනය කිරීමට සලකා බලනු ලබයි.
Fukuoka ප්‍රාන්තයේ Chuo Ward හි පිහිටා ඇති Kego නාගරික ප්‍රාථමික පාසලේ විදුහල්පති Kenji Tanaka පනවා තිබූ නීතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් "නිශ්ශබ්දව ආහාර ගැනීම දැන් බොහෝ කලක සිට පැවතුනි. ප්‍රීතිමත් පාසල් දිවා ආහාරය ඉක්මනින් ආපසු එනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි" යනුවෙන් කියා සිටියේය.
Fukuoka නගරාධිපති Soichiro Takashima මාධ්‍ය සාකච්ඡාවකදී "ආහාර සහ පෝෂණ අධ්‍යාපනය යනු පෝෂණය ලබා ගැනීම පමණක් නොව සංවාදයද ඇතුළත් වන්නකි. පන්ති කාමරයක නිශ්ශබ්දව ආහාර ගැනීම සුවිශේෂී පුරුද්දක් වන්නේ Corona වෛරසයේ හදිසි අවස්ථාව නිසා පමණි" යනුවෙන් ප්‍රකාශ කළේය.