ජපානයේ මැතිවරණ කොට්ඨාස 140ක සීමා යළි සංශෝධනය කෙරේ


ජපානයේ මැතිවරණ කොට්ඨාස කීපයක සීමා සංශෝධනය කෙරේ

.

ඡන්ද බර විෂමතා විසඳීමේ අරමුණින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණය සඳහා රටේ දැනට ක්‍රියාත්මක වන ප්‍රාන්ත 25 ක වාර්තාගත මැතිවරණ කොට්ඨාස 140 ක සීමාවන් සංශෝධනය කළ යුතු බවට ජපාන රාජ්‍ය මණ්ඩලය විසින් බ්‍රහස්පතින්දා දින අගමැති Fumio Kishida හට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. 

 

ඒ අනුව මෙහිදී මැතිවරණ සභාවේ නියාමනය යටතේ Miyagi, Fukushima, Niigata, Shiga, Wakayama, Okayama, Hiroshima, Yamaguchi, Ehime සහ Nagasaki යන ප්‍රාන්තවලින් එක් මැතිවරණ කොට්‌ඨාසය  බැගින් ඉවත් කරමින් සමස්ථ කොට්‌ඨාසය 10ක් ඉවත් කිරීමටත් Tokyo සහ Kanagawa , Saitama , Chiba සහ Aichi ප්‍රාන්තවලින් නව මැතිවරණ කොට්ඨාස 10ක් එකතු කිරීමත් පියවර ගෙන තිබේ. 

 

"රජය මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් නීතිමය පියවර ගත යුතු බවත් මැතිවරණ නීති සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පතක් ලබන වසරේ කැඳවීමට නියමිත අසාමාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරයේදී රජය විසින් ඉදිරිපත් කරනු ඇති බවත්" මෙහිදී වැඩිදුරටත් අදහස් දක්‌වමින් Kishida පැවැසීය.

108 Views

Comments