සොරකම් කිරීමේ සිද්ධීන් 61 කට වැඩි ප්‍රමාණයකට වරදකරු වූ ජපාන වැසියෙක්


සොරකම් කිරීමේ සිද්ධීන් කීපයකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ

.

ප්‍රාන්ත තුනක පිහිටා ඇති Internet  ආපනශාලාවල පුද්ගලික කාමර වලින් අවම වශයෙන් අවස්ථා 61කට වැඩි ප්‍රමාණයකදී වටිනා බඩු බාහිරාදිය සොරකම් කළ බවට සැකපිට රැකියා විරහිත, ස්ථාවර ලිපිනයක් නොමැති 31 හැවිරිදි Sho Endo නමැති පුද්ගලයකු Chiba ප්‍රාන්තයේ Kashiwa හි පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. 

 

2020 නොවැම්බර් සිට 2021 මාර්තු දක්වා කාලය තුළදී Tokyo, Saitama සහ Chiba යන ප්‍රාන්තවල පිහිටි Internet ආපනශාලා වල පෞද්ගලික කාමරවලින් ක්‍රෙඩිට් කාඩ්, පුද්ගලික හැඳුනුම්පත්, සාමාජික කාඩ්පත් සහ මුදල් පසුම්බි වැනි දෑ ඔහු සොරකම් කර ඇති බවත් සැකකරු විසින් ඔහුට එරෙහිව චෝදනා පිළිගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය .

 

Kashiwa ආපන ශාලාවේදී සිදුවූ සොරකම සම්බන්ධයෙන් නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සැකකරු හඳුනාගෙන පලමු වරට අත්අඩංගුවට ගෙන ඇති අතර "මට ජීවන වියදම් සඳහා මුදල් අවශ්‍ය වුණා. පෞද්ගලික කාමරයේ පදිංචිකරු වැසිකිලි යාමට එළියට එනකල් ඉඳලා මම ඔවුන්ගේ කාමරවලට රිංගලා වටිනවා කියලා මට හිතෙන ඕනෑම දෙයක් මම සොරකම් කර ගත්තා" යනුවෙන් ඔහු සිය වැරදි පාපොච්චාරණය කර ඇත.

115 Views

Comments