ජපානයේ ඉහළම මූල්‍ය නිලධාරියා ලෙස පත් කිරීමට නියමිත වත්මන් අයවැය ප්‍රධානීයා


රටේ ඉහළම මූල්‍ය නිලධාරියා ලෙස Eiji Chatani පත්කිරීමට තීරණය කරයි

.

ජපාන රජය විසින් දැනට මුදල් අමාත්‍යාංශයේ අයවැය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවයේ නියුතු Tokyo විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන 58 හැවිරිදි Eiji Chatani රටේ නව ඉහළම මූල්‍ය නිලධාරියා ලෙස නම් කිරීමට නියමිතව ඇති බව කාරණයට සම්බන්ධ සමීප ආරංචි මාර්ග බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

 

එසේ වුවහොත් ඔහු, 59 හැවිරිදි Koji Yano ගෙන් පසුව ජපානයේ බලවත්ම අමාත්‍යාංශය වන මුදල් අමාත්‍යාංශයේ ඉහළම නිල තනතුර වන උප මුදල් අමාත්‍යවරයා ලෙසට පත් වනු ඇති අතර තනතුර උසස් කිරිමේ නිල නිවේදනය ලබන සතියේ මුලදී සිදු කිරීමට නියමිතය.

 

1986 දී මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ වීමෙන් පසුව Chatani ප්‍රධාන වශයෙන් අයවැය කාර්යාංශයේ සේවය කර ඇති අතර ඔහුට හිමිවන නව තනතුරේ දී උද්ධමනය මැඩපැවැත්වීම, වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීම වෙනුවෙන් වැඩි කරන ලද රජයේ වියදම් මධ්‍යයේ ආර්ථිකය පුනර්ජීවනය කිරීම සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ සමතුලිත කිරීම වැනි දුෂ්කර කාර්යයන් කීපයක් ඔහු විසින් ඉටුකළ යුතු වේ.

114 Views

Comments