සිය 'Z' ලාංඡනය ඉවත් කිරීමට පියවර ගත් ජපාන ගුවන් සමාගම


ජපාන ගුවන් සමාගමක් තම z ලාංඡනය ඉවත් කර ගනී

.

රුසියානු හමුදා වාහනවල බොහෝ විට දක්නට ලැබෙන යුධ හිතවාදී සංකේතයක් වන Z අක්ෂරය, සිය ගුවන් යානා සමාගමේ ලාංඡනය ලෙස තිබීම පිළිබඳව ජනතාව වැරදි ලෙස වටහා ගැනීම නැවැත්වීම සඳහා පැරණි ලාංඡනය ඉවත් කර නව ලාංඡනයක් හදුන්වා දීමට සමාගම තීරණය කළ බව අඩු වියදම් සහිත මගී ප්‍රවාහකයෙකු වන Zipair Tokyo Inc. බදාදා නිවේදනය කළේය. 

 

"වත්මන් ලාංඡනය රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය  තමන් අනුමත කරන්නක් බවට ඇතැමුන් දකිනු ඇත. කිසිදු පැහැදිලි කිරීමක් නොමැතිව එලෙසින් ලාංඡනය දකින විට වැරදි ලෙස එය සමහරුන්ට දැනෙන්නට ඇතැයි මම සිතමි" යනුවෙන් Japan Airlines සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Zipair හි සභාපති වූ Shingo Nishida Tokyo අගනුවර Narita ගුවන් තොටුපළේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දක්‌වමින් කියා සිටියේය . 

 

B-787 හි සිරස් වලිගයේ පින්තාරු කර තිබූ Z අකුර වෙනුවට හඳුන්වාදුන් නව ලාංඡනය කොළ, කළු සහ සුදු යන වර්ණයන්ගෙන් යුත් ජ්‍යාමිතික රටාවක් වනු ඇති බවත් එය සෙනසුරාදා සිට භාවිතයට ගැනීමට නියමිත බවත් සමාගම මෙහිදී ප්‍රකාශ කළේය .

112 Views

Comments