පුපුරා ගිය Sakurajima ගිනි කන්දේ අනතුරු ඇඟවීම එහි ඉහළම මට්ටමට ළඟා වෙයි


Sakurajima ගිනිකන්ද ඉහලම අවදානම් මට්ටමට ලගා වේ

.

නිරිතදිග ජපානයේ Kagoshima ප්‍රාන්තයේ Sakurajima ගිනි කන්ද ඉරිදා රාත්‍රී කාලයේදී සක්‍රීය වූ අතර එහි අනතුරු ඇඟවීමේ මට්ටමට සදුදා දිනය වනවිට ඉහළම පුපුරා යාමේ අවදානම් අගයට ළඟා වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කළේය .

 

ගිනිකන්දේ සිට කිලෝමීටර් 2.5 ක් පමණ ප්‍රදේශයක් තුළ ගිනිකඳු ගල් කඩා වැටී තිබූ අතර නමුත් රාත්‍රී 8:05 ට පමණ ඇති වූ පිපිරීමෙන් පසුව තුවාල පිළිබඳ ක්ෂණික වාර්තාවක් ඉදිරිපත් නොවූ බව ප්‍රාදේශීය පොලිසිය සහ ඒජන්සිය තවදුරටත් පැවැසීය .

 

මෙලෙස ගිනිකන්ද එක්වර සක්‍රීය වීම සහ එහි බලපෑම හේතුවෙන් නියෝජිතායතනය එහි අවදානම් ලක්ෂ්‍යය, 5 පරිමාණයෙන් 3 මට්ටමේ සිට 5 දක්වා ඉහළ නැංවූ අතර, අවට ප්‍රදේශය තුළ සිටින මහජනතාවට නිවෙස්වලින් ඉවත්ව යන ලෙස අනතුරු ඇඟවීය. 

 

Sakurajima ගිනිකන්ද සඳහා 5 වන මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වූ අතර ජපානයේ වඩාත් සක්‍රීයම ගිනිකඳු වලින් එකක් ලෙස සැලකෙන මෙම ගිනිකන්ද රටේ නිරිතදිග ප්‍රධාන දූපත වන Kyushu හි Ozumi අර්ධද්වීපයට සම්බන්ධ වේ.

147 Views

Comments