තරඟකාරී සමුද්‍ර කලාපය තුළ ඒකපාර්ශ්විකව සිදුවන චීන සංවර්ධන කටයුතු


චීනය ජපානයට ආසන්න මුහුදෙ සිදුකරන ඉදිකිරීම් කටයුතු පිළිබඳව තහවුරු වේ

.

මාසයකට පමණ පසු දෙවන වරටත් ගෑස් ක්ෂේත්‍ර ගවේෂණය සඳහා යැයි සැක කෙරෙන නව චීන ඉදිකිරීම් කටයුතු  නැගෙනහිර චීන මුහුදේ තරඟකාරී ප්‍රදේශයක සිදුවෙමින් පවතින බව නැවත වරක් තහවුරු කරගැනීමට සිකුරාදා දින ජපානය සමත් වී තිබේ .

 

ටෝකියෝව විසින් යෝජිත මධ්‍ය රේඛාවේ බටහිර පැත්තේ නව ව්‍යුහයක "අත්තිවාරම" සකස් කරමින් සිටි චීන නෞකාවන් සමුද්‍ර ආත්මාරක්ෂක බලකාය විසින් සොයා ගැනීමෙන් පසුව, විදේශ අමාත්‍යාංශය විසින් Tokyoහි පිහිටි චීන තානාපති කාර්යාලයට සිය විරෝධතාව ඉදිරිපත් කළ බව පැවැසේ .  

 

මැයි 20 වන දින චීනය විසින් ජපානයට ආසන්න මුහුදේ සිදු කළ තවත් ඉදිකිරීම් මෙහෙයුමක් තහවුරු කර ගෙන තිබූ අතර නවතම සොයාගැනීමත් සමග , මුහුදේ මධ්‍ය රේඛාවේ චීනයට අයත් යැයි සැලකෙන කොටස තුළ Beijing විසින් සංවර්ධනය කරන ලද සමස්ත ව්‍යුහයන් 18 ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය

107 Views

Comments