රැඳවියෙකුගේ මරණය සම්බන්ධයෙන් නිලධාරීන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා ඉවත් කෙරේ


ශ්‍රී ලාංකික විශ්මා සඳමාලි මෙනවියගේ මරණය සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනා ඉවත් කෙරේ

.

මධ්‍යම ජපානයේ ආගමන විගමන මධ්‍යස්ථානයක රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් එවකට සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව  අභිචෝදකයින් විසින් ගොනුකර තිබූ චෝදනා සිකුරාදා ඉල්ලා අස්කර ගෙන තිබේ. 

 

රත්නායක ලියනගේ විශ්මා සඳමාලි මහත්මිය රෝගාතුරව රැදී සිටියදී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට නිලධාරීන් අපොහොසත් වූ බව තහවුරු කළ නොහැක්කක් බවට Nagoya දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙය සිදුවිය .

 

මෙම තීරණය පිළිබඳව සෑහීමකට පත් නොවන බවත් නිලධාරීන්ගේ සාපරාධී වගකීම් සඳහා දිගින් දිගටම බලපෑම් කරන ලෙස පැමිණිල්ලේ පරීක්ෂණ කමිටුව වෙත ඉල්ලීමක් ගොනු කිරීමට සැලසුම් කර ඇති බවත් ඇයගේ පවුලේ සාමාජිකයන් මෙහිදී අදහස් දක්‌වමින් පැවසූ අතර කමිටුව නඩු පවරන්නන්ගේ තීරණ තවදුරටත් සමාලෝචනය කරමින් සිටින බව වාර්තා වේ

87 Views

Comments