කියුබානු තෙල් නිෂ්පාදනාගාරයේ ගින්නෙන් 17 අතුරුදහන්, 121කට තුවාල, එක් අයෙකු මිය යයි.


කියුබානු ගින්නෙන් ජීවිත හානි රැසක් වාර්තා වේ

.

කියුබාවේ Matanzas නගරයේ තෙල් ගබඩා ස්ථානයක අකුණු සැර වැදීමකින් හටගත් ගින්නක් පාලනයකින් තොරව ඇවිලී ගිය අතර, එහිදී පිපිරීම් හතරක් සහ ගිනිදැල් වලින් පුද්ගලයින් 121 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගිනි නිවන භටයින් 17 දෙනෙකු අතුරුදහන් විය.සෙනසුරාදා අගභාගයේදී හඳුනා නොගත් මළ සිරුරක් සොයාගත් බව කියුබානු නිලධාරින් පවසා ඇත.

 

සිකුරාදා රාත්‍රියේ ගිගුරුම් සහිත වැස්සක් අතරතුර මෙම ගින්න Matanzas Supertanker Base හි ඇති වී ඇත. බලධාරීන් පවසා සිටියේ ගින්නට ආසන්නතම ඩුබ්‍රොක් අසල්වැසි ප්‍රදේශයෙන් පුද්ගලයින් 800 ක් පමණ ඉවත් කර ඇති බවයි. නිල කියුබානු පුවත් ඒජන්සිය පැවසුවේ අකුණු සැර වැදීමෙන් එක් ටැංකියකට ගින්නක් ඇති වූ අතර පසුව ගින්න දෙවන ටැංකියට පැතිර ගිය බවයි.

 

කියුබාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර සිටියේ 121 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් අතුරුදහන් වී ඇති 17 දෙනා තත්ත්වය පාලනය කිරීමට පැමිණි ගිනි නිවන භටයින් බවයි.

102 Views

Comments