ගිනිකඳු පිපිරීමෙන් ටොන්ගාහි කෘෂිකර්මයට බලපෑම්


පසුගියදා සිදු වූ අතිශය බිහිසුණු ගිනි පුපුරා යාමෙන් ටොන්ගා දේශය ඇතුළු මේ අවට රාජ්‍යයන්වල කෘෂිකර්මයට දැඩි බාධ?

.

පසුගියදා සිදු වූ අතිශය බිහිසුණු ගිනි පුපුරා යාමෙන් ටොන්ගා දේශය ඇතුළු මේ අවට රාජ්‍යයන්වල කෘෂිකර්මයට දැඩි බාධා එල්ල වේ යැයි බියක් පැතිරෙමින් පවතී. පැසිෆික් දූපත් වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වීම හේතුවෙන් එසේ සිදු වුණහොත් එය ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑම් එල්ල කරනු ඇත.

 

බොහෝ රටවලින් පානීය ජලය සහ වෙනත් ආපදා සහන මේ වන විටත් ලැබී ඇති මුත්  ගිනිකඳු පිපිරීමෙන් විසිරී ගිය අළු දූවිලි තවමත් ඇතැම් ස්ථානවල එලෙසටම දැකගත හැක.

 

Minoru Nishi නම් ටොන්ගා ප්‍රධාන දූපතේ වෙසෙන එළවළු අපනයන සමාගමක් අයත් පුද්ගලයෙකු පවසා සිටි පරිදි මේ වන විටත් ටොන්ගා හි බොහොමයක් ගොවිපලවල් මේ හේතුව නිසා බලපෑමට ලක්වී ඇත.  

 

Canterbury විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Tom Wilson මේ වන විටත් මෙම පුපුරා යෑමෙන් ටොන්ගා හි කෘෂිකර්මයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව  අධ්‍යනය කරමින් පවතී

311 Views

Comments