ASEAN සංවිධානය සමඟ සාකච්ඡා වලට සහභාගී වන ජපාන නිලධාරියා


ASEAN සංවිධානය සමඟ ජපාන සාමාජිකයන් සාකච්ඡා වලට එළඹේ

.

කලාපය තුළ චීනයේ වර්ධනය වන සමුද්‍ර ස්ථීරභාවය පිළිබඳව සමීපව නිරීක්ෂණය කිරීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස  අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමය හා ආරක්ෂක අමාත්‍යවරුන් අතර රැස්වීමක් එළැඹෙන සතියේ කාම්බෝජයේදී පැවැත්වීමට නියමිත බව ජපාන ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi සිකුරාදා ප්‍රකාශ කළේය. 

 

"මෙය ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂක ගැටළු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට හැකි අර්ථවත් අවස්ථාවක්. ඉන්දු පැසිෆික් කලාපය නිදහස්ව සහ විවෘතව පවත්වා ගෙන යාමට සහ ශක්තිමත් කිරීමට ජපානය හැකි සෑම සහයෝගයක්ම දෙන්න බලාපොරොත්තු වෙනවා . එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය ප්‍රවර්ධනය කිරීම සමුළුවේ අරමුණයි " යනුවෙන් සමුළුව පිළිබඳව අදහස් දක්‌වමින් Kishi මාධ්‍ය හමුවකදී කියා සිටියේය. 

 

ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, අඟහරුවාදා සිට බදාදා දක්වා පැවැත්වෙන Kishiගේ සංචාරය අතරතුර දී සමුළුව පැවැත්වීමට නියමිතව ඇති අතර මෙය, 2019 නොවැම්බරයෙන් පසු ජපානය සහ ආසියානු ආරක්ෂක අමාත්‍යවරුන් අතර පැවැත්වෙන පළමු පුද්ගලික හමුව ලෙස සැලකේ.

 

එමෙන්ම කාම්බෝජය, ඉන්දුනීසියාව, බෲනායි සහ වියට්නාමය ඇතුළු අනෙකුත් සගයන් සමඟ ද වෙනම ආරක්ෂක රැස්වීම් පැවැත්වීමට සැලසුම් කර ඇති බව බව Kishi මෙහිදී නිවේදනය කළේය .

133 Views

Comments