අර්ධ සන්නායක ලබා ගැනීමේ දුෂ්කරතාවය සහ චීනයේ Shanghai ප්‍රදේශයේ COVID-19 වෛරසය ව්‍යාප්තිය ක්ෂණිකව ඉහළ යාමෙන් සමාගමේ සැපයුම් අඩාල වීම හේතුවෙන් සිය කර්මාන්තශාලා වල අනෙකුත් නිෂ්පාදන මාර්ග කීපයක මෙහෙයුම් ජුනි සහ ජූලි මාසය අතර දින 11 ක් දක්වා අත්හිටුවීමට තීරණය කළ බව Toyota Motor Corp. බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි ජුලි 8 දක්වා කර්මාන්තශාලා හතක මාර්ග 11ක නිෂ්පාදන කටයුතු මෙලෙස අත්හිටුවීම සිදු කෙරෙන බව පැවැසේ .
මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් Aichi, Iwate සහ Miyagi ඇතුළු ප්‍රාන්තවල පිහිටි සමාගමේ කර්මාන්තශාලාවල ඒකක 40,000ක පමණ නිෂ්පාදන කප්පාදුවක් සිදුවනු ඇති නමුත් 2022 මූල්‍ය වර්ෂයේ දී පිහිටවූ ඒකක මිලියන 9.7 ක ගෝලීය නිෂ්පාදන ඉලක්කය වෙනස් නොකරන බව මෝටර් රථ නිෂ්පාදකයා ප්‍රකාශ කළේය.