පරමාණු බෝම්බ සහ විකිරණ වසර ගණනාවක් තිස්සේ ඔබේ ශරීරය විනාශ කරනවා. ඒක මම අත්විඳිනවා. 1945 බෝම්බ ප්‍රහාරය සිදු වෙනකොට මට යන්තම් වයස අවුරුදු 3 විතරයි. එනිසා ප්‍රහාරය සිදුවූ ආකාරය පිළිබඳව එතරම් මතකයක් මට නැත. නමුත් පසු කාලීනව මට ඇති වූ පිළිකාව බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මගේ ශරීරයේ ඉතිරි වූ විකිරණශීලී කැළැල් පිළිබඳ විස්තරාත්මක සාක්ෂියක් සපයනවා" යනුවෙන් පවසමින් Hiroshima පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් 80 හැවිරිදි Masashi Ieshima සිය මතකාවර්ජනය ආරම්භ කළේය.
මම දැන් Tokyo නගරයේ Nalano Ward වල තමා පදිංචි වෙලා ඉන්නේ. පොඩි කාලේ හිටියේ Hiroshima නගරයේ Higashi Ward වල කොටසක් වෙච්ච Ushita වල හදලා තිබුණු අපේ තට්ටු දෙකේ ගෙදර. පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වුණාට පස්සේ බටහිර දෙසින් පිහිටි කන්දක් රතු පැහැයෙන් දැල්වුණු අයුරු මට තාමත් අඳුරු ලෙස මතකයි. මම බෝම්බයෙන් දැවී ගිය, මියගිය හෝ පණපිටින් මිනිසුන්ගෙන් පිරුණු නගරය දැක්කේ නෑ. හැබැයි මටයි මගේ තාත්තටයි පිළිකා වැළඳුණාම අපි A-බෝම්බයෙන් දිවි ගලවා ගත්ත අය කියලා ගොඩක් මතක් උනා වගේම හැමෝටම කියන්න උනා. එනිසා තමයි න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් වෙනුවෙන් මම දිගින් දිගටම ආයාචනා හැමෝටම කරන්නේ.
1945 අගෝස්තු 6 වෙනිදා උදේ එක්සත් ජනපද හමුදා නගරයට පරමාණු බෝම්බය හෙළද්දී ප්‍රාදේශීය සන්නිවේදන කාර්යාංශයේ රාත්‍රී සේවා මුරය ඉවර වෙලා ආව තාත්තා නිදි. අම්මා කාමරේ. මාස 10 නංගී එහායින් තිබුණු කාමරේ නිදි. මම සෙල්ලම් කරන ගමන් හිටියේ. බෝම්බයේ පිපිරුම කොච්චර විශාල ද කියනවා නම් එතැන ඉඳන් කිලෝමීටර් 2.5 ක් දුරින් තිබුණු අපේ ගෙදර හැම ජනේලයක්ම පිපුරුණා.
මගේ අම්මාගේ ඇඟ පුරාම වීදුරු කෑලි හිරවෙලා තිබුණා. ඒත් මගේ තාත්තටයි, නංගිටයි මටයි හානියක් වුණේ නැහැ. මගේ වැඩිමහල් සහෝදරියන් දෙන්නා Tottori ප්‍රාන්තයට ඉවත් කරලා තිබුණා. ඒ නිසා මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂිතව බේරිලා හිටියා. අවසාන වශයෙන් මම ඉල්ලා සිටින්නේ මේ අත්දැකීම තවත් කෙනෙකුට දැනෙන්න ඕනි නෑ. මේ විනාශය නිසාම අපේ ලෝකෙට ආයේ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලන්නවත් පාවිච්චි කරන්නවත් ඕන නෑ කියලයි මන් හිතන්නේ " යනුවෙන් Ieshima කියා සිටියේය.