ග්‍රීෂ්ම සෘතුවේ පැමිණීම සනිටුහන් කරමින් පැවැත්වෙන සාම්ප්‍රදායික Hokkaido උත්සවය


corona වසංගතයෙන් පසුව හොකයිඩෝ උත්සවය ඉතා උත්සවශ්‍රීයෙන් පැවැත්වේ

.

වසර තුනකට පසු පළමු වතාවට උතුරු ජපන් නගරයට ගිම්හානයේ පැමිණීම විදහා දක්වන Hokkaido සිද්ධස්ථානයේ සාම්ප්‍රදායික Sapporo උත්සවය ජූනි 14 සිට 16 දක්වා නගරයේ Chuo Ward හි Nakajima උද්‍යානයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 

 

ජපන් නළාව සහ බෙර වාදනය කරන සංගීතඥයින් පිරිවරාගත් සාම්ප්‍රදායික ජපන් ඇඳුමින් සැරසුණු 1200 ක පමණ පිරිසක් සහ Floats හතරක් උත්සවයේ අවසන් දිනයේදී නගරයේ මධ්‍යම ප්‍රදේශයේ වීදි ඔස්සේ ගමන් කළ අතර රැස්ව සිටි විශාල ජනකායකගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පෙරහැර පැවැත්වීම සිදුවිය . 

 

Hokkaido වාණිජ සමුපකාර සංගමය මගින් වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරන නමුත් COVID-19 වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසර වලදී උත්සවය අවලංගු කළ බැවින් මේ වසරේදී  වාර්තාගත ලෙස උත්සවයේ පලමු දිනයේදීම ඇස්තමේන්තුගත 140,000 ජනතාවක් උද්‍යානය වෙත එක්රැස් වී තිබේ. උද්‍යානය භූමිය අතිශයින් ජනාකීර්ණ වී ජනතාවගෙන් පිරී යාම නිසා විකල්පයක් නොමැති වීම හේතුවෙන් උත්සවයට සහභාගී වීමෙන් වළකින ලෙස සංවිධායකවරයා ජනතාවගෙන් පවා ඉල්ලා සිටි බව වාර්තා වේ .

124 Views

Comments