සංචාරය සීමා කරන ලෙස දකුණු කොරියානු අගමැතිගෙන් ඉල්ලීමක් ..


එළැඹෙන චන්ද්‍ර වර්ෂ සැමරුම් කාලය තුළදී විනෝදාස්වාදය සඳහා සංචාරය කිරීම් සහ..

.

එළැඹෙන චන්ද්‍ර වර්ෂ සැමරුම් කාලය තුළදී විනෝදාස්වාදය සඳහා එක්රැස්වීම් හැකිතාක් අවම කරන ලෙස දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Kim Boo-kyum පසුගියදා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියේය.

කලාපය තුළ ඉතා සීග්‍රයෙන් පැතිරී යන ඔමික්‍රොන්  වෛරසය හමුවේ මහජනතාව වඩා වගකීම් සහගත විය යුතු බව ඔහු තවදුරටත් පැවසීය. ආපනශාලා සහ විනෝදාත්මක ස්ථානවල කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශන ක්‍රියාත්මක කිරීම නිසිආකාරව කරන ලෙසත් එවැනි තැන් සඳහා එක්රැස් වීම හැකිතාක් අවම කරන ලෙසත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය. පසුගිය ඉරිදා දින වන විට දකුණු කොරියාව  තුළින් හඳුනාගත් ඔමික්‍රොන්  ආසාදිතයින් සංඛ්‍යාව 7513ක් ලෙස වාර්තාවී තිබුණි.

284 Views

Comments