ෆුකුඕකා වෙරළ තීරයෙන් ගෙල වටා ලණුවක් සහිත පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ


පොලිසිය පැවසුවේ ඔහු ගෙල සිරකර මරා දමා ඇති බවයි.

.

ෆුකුඕකා ප්‍රාන්ත පොලිසිය පෙරේදා(19) ප්‍රකාශ කළේ සිකුරාදා මුහුදු වෙරළක මියගොස් සිටි 26 හැවිරිදි තරුණයා ගෙල සිරකර මරා දමා ඇති බවයි.

පොලිසියට අනුව ලිපිනය සහ රැකියාව නොදන්නා Shunichi Yamamoto නම් පුද්ගලයාගේ සිරුර සිකුරාදා උදේ 9:05 ට පමණ සොයාගෙන තිබේ.

නිෂි වෝඩ්හි මුහුදු වෙරළේ කූඩාරමකින් ඔහුගේ සිරුර හමුවී ඇති අතර පොලිසිය පැවසුවේ ඔහුගේ ගෙල වටා ලණුවක් තිබූ බවයි.  ඒ අනුව මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ගෙල මිරිකීමෙන් හුස්ම හිරවීම නිසා ඔහු මරණයට පත්වී ඇති බවයි.

මරණය සිදුව ඇත්තේ සිකුරාදා අලුයම 3 ත් 6 ත් අතර වේ

මළ සිරුර හමුවූ ස්ථානය JR Chikuhi මාර්ගයේ Imajuku දුම්රිය ස්ථානයේ සිට මීටර් 700ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇත.

67 Views

Comments