තම කුඩා පුතු මියයන තුරුම කුසගින්නේ තැබූ අමානුෂික මවක්


තම පුතුට අමානුෂික ලෙස සැලකූ මවක් අත්අඩංගුවට ගනී

.

2020 අප්‍රේල් මාසයේදී කුසගින්න දරාගත නොහැකිව මරණයට පත්වූ 5 හැවිරිදි Shojiro නම් සිය පුතුගේ මරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත් වූ භාරකරුවෙකු ලෙස චෝදනා ලැබ සිටි Fukuoka ප්‍රාන්තයේ Sasaguri හි ජීවත් වූ 40 හැවිරිදි Rie Ikari නම් දරුවාගේ මවට ජුනි 17 වන දින Fukuoka දිසා අධිකරණයේ පැවති ගිහි විනිසුරු නඩු විභාගයේදී වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ. 

 

සභාපති විනිසුරු Atsushi Tomita විසින් දරුවාගේ මව වූ Ikari හට පරිවාසයකින් තොරවම සිර දඬුවම් නියම කරන ලදී.  "ඔහුව දිගු කලක් කුසගින්නේ තැබූ ඇයගේ හැසිරීම සාහසික ය. එය ආපසු හැරවිය නොහැකි තරමේ බරපතල හැසිරීමක් වූ නිසාම දරුවාගේ ජීවිතය පවා අහිමි විය " යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් විනිසුරුවරයා කියා සිටියේය .

 

Ikari ගේ දෛනික ජීවිතය පිළිබඳ ආධිපත්‍යය මුළුමනින්ම ඇගේ 49 හැවිරිදි මිතුරෙකු වන Emiko Akahori විසින් දැරූ බැවින් ඇයට තම පුතාට ප්‍රමාණවත් තරම් ආහාර ලබාදීමට නොහැකි වී තිබේ. "ඇය ඇත්තටම එවැන්නක් අදහස් කළ නිසා නොව, ඇය Akahori ගේ බොරුවලට රැවටී ඇගේ සියලු මුදල් අහිමි කරගත් නිසාත්, ඔහු මත යැපීමෙන් තොරව ආහාර සඳහා ප්‍රවේශ වීම පවා ඉතා දුෂ්කර වූ නිසාත් ය" යනුවෙන් විනිසුරු Tomita පැවැසීය. 

 

කෙසේ නමුත් මෙහිදී Ikari ගේ නීතීඥවරයා සදහන් කළේ තීන්දුවට අභියාචනා කරනවාද නැද්ද යන්න සම්බන්ධව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

180 Views

Comments