දිගු කලක් අහිමිව තිබී යළි හිමිවූ Hiroshima නගරයේ යෝධ බුද්ධ ප්‍රතිමාව 


Hiroshima Daibutsu බුද්ධ ප්‍රතිමාව නැවත හිරෝෂිමාවට ලැබෙයි

.

දෙවන ලෝක යුද්ධයෙන් පසු විපතට පත් වූවන් වෙනුවෙන් යාඥා කිරීම සඳහා පරමාණු බෝම්බ හෙලීමේ මධ්‍යස්ථානය අසල තැන්පත් කර තිබූ "Hiroshima Daibutsu" නමින් හැඳින්වෙන ලී බුද්ධ ප්‍රතිමාව වසර 60 කට පසු ප්‍රථම වතාවට පන්සලේ හාමුදුරුවන්ගේ  උත්සාහය හේතුවෙන් නැවත වරක් Hiroshima නගරය වෙත ආපසු ලබා ගැනීමට හැකි වී තිබේ . 

 

ආසන්න වශයෙන් උසින් මීටර් 4ක් සහ බරින් කිලෝ ග්‍රෑම් 400ක් වන Amitabha තථාගතයන් වහන්සේගේ හිඳි පිළිමය මුල් කාලීනව ක්‍රිස්තු වර්ෂ 1200 දී පමණ මුල් Kamakura යුගයේදී උතුරු ජපානයේ Yamagata ප්‍රදේශයේ නිර්මාණය කරන ලද්දක් බව පැවසේ. රන් ආලේපිත බුදු පිළිමය Hiroshima වෙත ප්‍රවාහනය කිරීමට පෙර Ando නගරයේ පන්සලක තබා තිබූ අතර නගරයේ Naka ward හි පරමාණු බෝම්බ අනුස්මරණ ගොඩනැඟිල්ලට යාබදව පිහිටි Hiroshima Orizuru කුළුණේ වාණිජ සංකීර්ණය තුළ බුදු පිළිමය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. 

 

1945 අගෝස්තු 6 වන දින පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ ආත්මයන් සඳහා ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් බෝම්බ ප්‍රහාරයෙන් වසර පහකට පසු 1950 දී, පරමාණු බෝම්බ අනුස්මරණ ගොඩනැගිල්ලට නැගෙනහිරින් පිහිටි Sairenji විහාරයේ බුදුන් වහන්සේගේ ප්‍රතිමාව තැන්පත් කරන ලදී. 1955 දී එය වෙනත් විහාරස්ථානයකට ගෙන යන තුරු සෑම වසරකම Hiroshima පරමාණු බෝම්බ ප්‍රහාරයේ සංවත්සරය යෙදෙන අගෝස්තු 6 වන දින ප්‍රතිමාව ඉදිරිපිට මහා පරිමාණ අනුස්මරණ මෙහෙයක් පවත්වනු ලැබිණි. 

 

1960 වන විට ප්‍රතිමාව කොහේදැයි නිශ්චිතවම නොදත් නමුත් 2011 දී ප්‍රතිමාව Nara ප්‍රාන්තයේ Ando හි Gokurakuji විහාරයේ ඇති බව හෙළි විය. 2006 දී පමණ මියගිය පෞරාණික වෙළෙන්දෙකුගේ පවුලේ සාමාජිකයන් විසින් එම පන්සලට ප්‍රතිමාව භාරදීමත් සමඟ එහි භාරකාරත්වය විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන පූජකවරයා වන 36 හැවිරිදි Zengi Tanaka ගේ සීයාට හිමිවී තිබේ .

110 Views

Comments