ඝෝෂාකාරී කනස්සල්ලක් බවට පත්වූ ප්‍රහාරක යානා දොළසක ආගමනය


එක්සත් ජනපද ප්‍රහාරක යානා 12ක් ජපානයට පැමිනේ

.

බටහිර ජපානයේ Yamaguchi ප්‍රාන්ත නගරයේ හමුදා කඳවුරේ පැවැත්වෙන පුහුණු අභ්‍යාස වලට සහභාගී වීමේ අරමුණින් ජුනි 15 සහ 16 යන දිනවල සිය සගයන් සමඟ එක්වීමට ජපානයට පැමිණි එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා 12ක් ප්‍රාන්තයට ඇතුළුවීමත් සමග අවට ප්‍රදේශය තුළ ඝෝෂාකාරී ශබ්ද වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ. 

 

F-22 Raptor Stealth ප්‍රහාරක ජෙට් යානා 12 ක් එක්සත් ජනපද මැරීන් බළකායේ Iwakuni ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඔවුන්ගේ F-35B Stealth ප්‍රහාරක යානා , ජපන් ජෙට් යානා ඇතුළු අනෙකුත් ජෙට් යානා සමඟ පුහුණු අභ්‍යාසවලට සහභාගී වෙමින් මාසයක පමණ කාලයක් කඳවුරේ රැදී සිටිනු ඇති බව Hiroshima හි ආරක්ෂක අමාත්‍යාංශයේ Chugoku- Shikoku ආරක්ෂක කාර්යාංශය නිවේදනය කළේය .

 

Yamaguchi ප්‍රාන්ත රජය සහ Iwakuni ගුවන් තොටුපළ අවට පිහිටි නගරවලින් සමන්විත සම්බන්ධතා කවුන්සිලයක් විසින් "පුහුණුවීම් කටයුතු වල නිරතව සිටින ප්‍රහාරක ජෙට් යානා සංඛ්‍යාව මේ වන විට 30 ක් බවට පත්ව ඇති බැවින් ජෙට් යානා නගරයේ රැඳී සිටින විට ඇතිවන අධික ඝෝෂාකාරී ශබ්දයට එරෙහිව පියවර ගන්නා ලෙසට " ජුනි 16 දින ජපාන රජයෙන් ඉල්ලා සිටි බව සඳහන් වේ.

122 Views

Comments