WWII බෝම්බය නිෂ්ක්‍රීය කිරීම වෙනුවෙන් නතර කෙරෙන ජපානයේ දුම්රිය සේවාව


WWII බෝම්බ නිෂ්ක්‍රිය කිරීම සඳහා දුම්රිය සේවාවන් තාවකාලිකව නවත්වයි

.

දෙවන ලෝක සංග්‍රාමයේදී එක්සත් ජනපද හමුදා විසින් ජපානයට හෙලන ලද නමුත් පිපිරී නොමැති WWII බෝම්බය ආරක්ෂිතව ඉවත් කිරීම වෙනුවෙන් එළැඹෙන ජූලි 24 වෙනි දින දහවල් සිට Osaka ප්‍රාන්තයේ ඇතැම් දුම්රිය මාර්ගවල මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව West Japan Railway Co. ජුනි 16 දින නිවේදනය කළේය. 

 

මේ යටතේ Kyoto මාර්ගයේ Takatsuki සහ Osaka අතර මෙන්ම Osaka-Higashi මාර්ගයේ Shin-Osaka සහ Hanaten අතර මාර්ගයේ පැය තුනක පමණ කාලයක් සදහා සේවා නතර කිරීමට සැලසුම් කර ඇති බව JR West මෙහිදී කියා සිටියේය. 

 

නමුත් අප්‍රේල් මස අගදී ප්‍රාන්තයේ Suita හි ඉදිකිරීම් ස්ථානයක තිබී සොයාගත් මෙම බෝම්බයේ නිශ්ක්‍රීය කිරිමේ හා බැහැර කිරිමේ ප්‍රගතිය මත පදනම්ව නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට ගතවන කාලය තීරණය වනු ඇතැයි දුම්රිය ක්‍රියාකරු පැවසීය.

 

ගොඩබිම් ආත්මාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් විෂ්කම්භය සෙන්ටිමීටර 60 ක් සහ දිගින් මීටර් 1.8 ක් වන බෝම්බය ජූලි 24 වෙනි දින නිෂ්ක්‍රීය කර ඉවත් කිරීමට සුදානම් කර ඇති අතර නගරය සීමාවෙන් පිටත සිට දළ වශයෙන් මීටර් 300ක ආදරයකින් ආවරණය වන කලාපය තුළ ජීවත් වන පවුල් 950 කට අයත් 2000 පමණ ජනතාවගෙන් එදින වනවිට එම ස්ථානවලින් ඉවත් වන ලෙස JR West ඉල්ලා සිටියේය .

114 Views

Comments