Tokyo හි පිහිටි රජයේ බලයලත්, ලාභ නොලබන සංවිධානයක් වන Kidsdoor සමූහයේ සහය ලබා ගන්නා දෙමාපියන් 2634 දෙනෙකුගේ ප්‍රතිචාර 1386 ක් යොදා ගනිමින් ජූනි 10 සිට 14 දක්වා සිදු කරන ලද මාර්ගගත සමීක්ෂණයේදී අවශ්‍යතා ඇති පවුල්වලින් 85% ප්‍රමාණයක් අඛණ්ඩව ඉහළ යන මිල සමඟ, ආහාර සහ අනෙකුත් දෛනික අවශ්‍යතා සාර්ථකව කටයුතු කිරීමේ “මද ” හෝ “මහත්” දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බව හෙළි වී තිබේ .
මෙහිදී දරුවන්ගේ ආහාර රටාවට සිදුවන බලපෑම පිළිබඳව දෙමාපියන්ගෙන් විමසා සිටි විට 64% දෙනා කියා සිටියේ තම දරුවන්ට පෝෂණයෙන් සමබර ආහාර වේලක් ලබා දීමට තමන් අරගල කරන බවයි. අනෙක් පිරිසෙන් බහුතරයක් තමන් දරුවන්ව අඩුවෙන් පෝෂණය කරන බව කියා සිටි අතර සුළුතරය කියා සිටියේ තමන්ට මස් මාළු මිලදී ගැනීමට තරම් හැකියාවක් නොමැති බවයි.
“මිල සහ උපයෝගිතා බිල්පත් මෙලෙස අඛණ්ඩව ඉහළ ගියහොත් ආහාර සඳහා වන වියදම් තවදුරටත් කපා හැරීම හැර මට වෙනත් විකල්පයක් නැත” යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් එක් දෙමාපියෙකු කියා සිටියේය .